බ්‍රහස්පතින්දා වෙනකොට ව්‍යවස්ථාදායක සභාව පත් කරගෙන ඡන්දය කල්දාන්න දඩිබිඩි ගාලා වැඩ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 25, 2022

බ්‍රහස්පතින්දා වෙනකොට ව්‍යවස්ථාදායක සභාව පත් කරගෙන ඡන්දය කල්දාන්න දඩිබිඩි ගාලා වැඩ!

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බ්‍රහස්පතින්දා සභාව රැස්වීමට නියමිතය. කතාතානාක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජනය සඳහා අයැදුම්පත් 112ක් පමණ ලැබී ඇති බවයි. 
ඒ සඳහා අයැදුම්පත් භාරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වැනිදායින් අවසන් විය.

ඒ සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් හිමිවන්නේ, විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන තැනැත්තන්ටයි.
 
කතානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු තෝරා ගැනිම හෝ අයැදුම්පත් යොමු නොකළ  එ‍හෙත් අදාළ  සුදුසුකම් සපුරන සෙසු පිරිස් වේ නම්, ඒ අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු සිවිල් සමාජ නියෝජිතයින් ලෙස පත් කිරීම පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා සළකා බලන බවයි.

කතානායකවරයා ප්‍රකාශ කළේ, එලෙස තෝරා ගන්නා සාමාජිකයින්ගේ නම්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට කඩිනමින් යොමුකරන බවයි.

- mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad