ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 6, 2022

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්!

තමන්ට රටවල් පහක දේපොළ ඇතැයි වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ඒ සියල්ල සින්නක්කර දේපල බවත් ඒවා තමන්ගේ මහන්සියෙන් උපයාගන්නා ලද ඒවා බවත් හෙතෙම පැවසීය. 
අමාත්‍යධූරයෙන් තමන් පෞද්ගලිකව කිසිදු දෙයක් උපයා නැති බවත් පැවසූ ඔහු ඕනෑම මොහොතක අමාත්‍යධූරය අතහැරීමට සූදානම් බවද සඳහන් කළේය.

නමුත් දුගී දුප්පත් නැති බැරි අයට යම් උදව් උපකාර කිරීම සඳහා ඇමතිකමමේ බලය භාවිතා කරන බවද හෙතෙම කියා සිටියේය.

සිය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad