ගොවියන්ගේ ගැටලු විසදීමට නොහැකි වුණු නිසා ඇමතිකමෙන් අස්වෙනවා... වෙන කරන්න දෙයක් නෑ - අමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 8, 2022

ගොවියන්ගේ ගැටලු විසදීමට නොහැකි වුණු නිසා ඇමතිකමෙන් අස්වෙනවා... වෙන කරන්න දෙයක් නෑ - අමරවීර

වී ගොවියන්ගේ ගැටලු සමනය කිරීමට කොතෙක් උත්සාහ කළද එය අසාර්ථක වී නිසා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීම හැර වෙන විකල්පයක් තමනට නැතැයි කෘෂිකර්ම වනජිවි හා වන සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ. 
රජයට වී මිලදී ගැනීමට මුදල් නැති බවත් විදේශයන්ගෙන් සහල් ආනයනය නිසා වී මිලදී ගැනීම සහල් නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ ජාතික ගොවිජන එකමුතුව සමග පැවති සංවාදයක දී ය.

ජාතික ගොවිඡන එක සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා දුරකතනෙන් ඇමතූ අවස්ථාවේ අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad