ජනපති රනිල්ගේ දිවුරුම් දීමේ උත්සවයට මුදල් ගෙව්වේ පුද්ගලික ආයතනයකින්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 9, 2022

ජනපති රනිල්ගේ දිවුරුම් දීමේ උත්සවයට මුදල් ගෙව්වේ පුද්ගලික ආයතනයකින්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන් අවස්ථාවට මුදල් ගෙවීම පිළිබඳව අද(09) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා හෙළිදරව්වක් කළා. 
පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන් එම උත්සවයට අදාල සියලු බිල්පත් ගෙවීම් සිදුකළේ ජනාධිපතිවරයාගේ පුද්ගලික මුදලින් බව ප්‍රකාශ කළද එම මුදල් ගෙවා ඇත්තේ පුද්ගලික ආයතනයක් විසින් බවත් එම ලිපි සියල්ල සභාගත කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

පාර්ලිමේන්තුවේ මිලදී ගැනීමකින් තොරව පසුගිය ජූලි 28 වනදා දහවල් 11ට පාර්ලිමේන්තුවට භාණ්ඩ තොගයක් ගෙනැවිත් තිබෙන බවත් එම භාණ්ඩ ගෙනැවිත් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ කාර්යාලයට බවත් එම භාණ්ඩ සඳහා මුදල් ගෙවා ඇති පුද්ගලික ආයතනය විසින්ම ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට මුදල් ගෙවා ඇති බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad