පාඩු ලබන CEYPETCO සේවකයන්ට බෝනස් ගෙවන්න ලංකා බැංකුවෙන් බිලියන 100ක ණයක් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 24, 2022

පාඩු ලබන CEYPETCO සේවකයන්ට බෝනස් ගෙවන්න ලංකා බැංකුවෙන් බිලියන 100ක ණයක් ඉල්ලයි

පාඩු ලබන CEYPETCO සේවකයන්ට බෝනස් ගෙවන්න ලංකා බැංකුවෙන් බිලියන 100ක ණයක් ඉල්ලයි.

පාඩු ලබමින් ඇති බව කියන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) එහි සේවකයන්ට රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කරමින් බෝනස් මුදල් ලබාදීමට සූදානම් වෙයි.

ඒ සඳහා වන යෝජනාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා එළඹෙන 28 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රුපියල් කෝටි සියයකට අධික මුදලක් වැය කරමින් සේවකයන්ට බෝනස් ලබා දීමට සූදානම් වන සංස්ථාව ලබන වසරේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ලංකා බැංකුවෙන් කෝටි 10,000 ක ණය මුදලක් ලබාගැනීමට සූදානම් සිටියි.

ඒ සඳහා වන යෝජනාව ද අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය යොමු කිරීමට නියමිතය.

තෙල් සංස්ථාව 2021 වසරේ පාඩුව රුපියල් කෝටි 1855 කි.

No comments:

Post a Comment

Post Bottom Ad