ජලනි ප්‍රේමදාස මට ‘තෙරුවන් සරණයි’ කියලා කිව්වා...බෝනගේන් ආගමේද කියල දන්නෙ නෑ - සරත් ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 24, 2022

ජලනි ප්‍රේමදාස මට ‘තෙරුවන් සරණයි’ කියලා කිව්වා...බෝනගේන් ආගමේද කියල දන්නෙ නෑ - සරත් ෆොන්සේකා

ජලනි ප්‍රේමදාස මහත්මිය බෝනගේන් නිකායේ යැයි ඇතැමුන් ප්‍රචාරය කළ ද ඇය සමඟ දුරකථන සංවාදයක් සිදු කර අවසානයේ ඇය ‘තෙරුවන් සරණයි’ යනුවෙන් පවසන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

තමන් ඇතුළු පිරිසට බෞද්ධයන් ලෙස ඔවුන්ගේ පිළිගැනීමක් ඇති බවද හෙතෙම කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

තම බිරිඳ සහ දියණියන් ද එම ආගමට එක් වී ඇතැයි ප්‍රචාරය වුවද එය සිදු විය හැක්කේ ලබන ආත්මයේ විය හැකි බවද ඔහු පැවසුවේය.

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා චරිත ඝාතන සහ මඩ ප්‍රචාර වැඩි වශයෙන් සිදු කරමින් ඇති බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad