මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම යටතේ බැංකු පහකට දඬුවම්... people bank, BOC, NSB ඒ අතර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 12, 2022

මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම යටතේ බැංකු පහකට දඬුවම්... people bank, BOC, NSB ඒ අතර

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. 
මූල්‍ය ආයතනයක් විසින් සිදුකරනු ලබන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 ජූලි 01 දින සිට 2022 නොවැම්බර් 16 දින දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 10.75 කි.

දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

– CBSL


No comments:

Post a Comment

Post Bottom Ad