ඉන්නේ 120යි! ඒකෙනුත් දැනට 10ක් රට! ආණ්ඩුවට 24 වැනිදා 113 පෙන්නගන්න පුලුවන් වෙයිද? බැරි වුණොත් ‌ආණ්ඩුව ලෝක අමාරුවක! ඡන්ද විමසීම අතිශය උණුසුම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 19, 2023

ඉන්නේ 120යි! ඒකෙනුත් දැනට 10ක් රට! ආණ්ඩුවට 24 වැනිදා 113 පෙන්නගන්න පුලුවන් වෙයිද? බැරි වුණොත් ‌ආණ්ඩුව ලෝක අමාරුවක! ඡන්ද විමසීම අතිශය උණුසුම්!

ලබන 24 වැනිදා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා ඉවත් කිරීම සදහා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම මේ වනවිට ඉතා උණුසුම්කාරී එකක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ඒ, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැතිඇමැතිවරුන් 10 දෙනකු පමණ මේ වනවිට විදෙස්ගතව සිටීම හේතුකොටගෙනය.

ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ 120ක පමණ මන්ත්‍රී කණ්ඩායමක් සිටින අතර මේ 10 දෙනා ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබේ නොසිටියහොත් මන්ත්‍රී සංඛ්‍යාව 110ක් බවට පත්වනු ඇත.

මෙම යෝජනාව සම්මත වීමට නම් එදිනට පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 113ක බහුතරය ආණ්ඩු පක්ෂය විසින් ලබා ගත යුතුව තිබේ.

මීට අමතරව දැනටමත් පොහොටටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා හමුවී හෘදය සාක්ෂියට එකගව මෙම යෝජනාවට ඡන්දය ලබා දිය නොහැකි බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

එම කණ්ඩායමට මන්ත්‍රීවරු 20ක් පමණ ඇතුළත්ව සිටින බව දැනගන්නට ඇත.

එසේ වුවහොත් ලබන 24 වැනි දින ඡන්ද විමසීම තවත් උණුසුම් විය හැකි බව ආණ්ඩු පක්ෂයට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad