"ඩිලාන් කෝටී 248ක් ගහලා , පුලුවන් නම් කරලා පෙන්වන්න" ජවිපෙ සුනිල් හදුන්නෙත්තිගෙන් තලතා අතුකෝරාලට අමුතු අහියෝගයක් .! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

"ඩිලාන් කෝටී 248ක් ගහලා , පුලුවන් නම් කරලා පෙන්වන්න" ජවිපෙ සුනිල් හදුන්නෙත්තිගෙන් තලතා අතුකෝරාලට අමුතු අහියෝගයක් .!

නව අධිකරණ අමාත්‍යවරිය ලෙස පත්වූ තලතා අතුකෝරාල ඇමතිවරියට , ජනතා විමුක්ති පෙරමුණෙහි  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අපූරු අභියෝගයක් සිදු කරනවා.

මන්ත්‍රීවරයා විසින් මාතර පැවති උත්සවයක් අමතමින් කියා සිටියේ "විදේශ සේවා අමාත්‍යාංශයෙන් ඩිලාන් පෙරේරා වංචා කළ රුපියල් කෝටි 248ක මූල්‍ය වංචාව හැකිනම් සොයන ලෙස තමන් නව අධිකරණ ඇමතිවරියට අභියෝග කරන බවයි"

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ

" අද නව අධිකරණ ඇමති කෙනෙක් පත්වෙලා තියෙනවා. එතුමිය කියනවා, 'මම දැන් කල්පනා කරන්නෙ අලුත් විදියකට හොරු අල්ලන්න' කියලා. අපි කියනවා වැඩිදුර යන්න ඕන නැහැ, ඔබතුමියගේ විදේශ සේවා කාර්යාංශයේ හිටපු ඇමති ඩිලාන් පෙරේරා වංචා කරපු කෝටි 248ක් තියෙනවා.

අපි ඒවා පෙන්වාදීලා ඔප්පු කරලා තියෙනවා. ඔබතුමියගේ පළමු කාර්යය විදියට තමන්ගේ අමාත්‍යාංශයේම වංචා දූෂණ හොයන්න. අපි නව අධිකරණ ඇමතිවරියට අභියෝග කරනවා පුළුවන් නම්, ඩිලාන් පෙරේරා වංචා කළ කෝටි 248ක මුදල හොයන්න කියලා" ලෙසය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට තවමත් අධිකරණ අමාත්‍යවරිය හෝ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා පිළිතුරු දී නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad