මෙවැනි තාක්ෂණයකින් පුහුණුවන කණ්ඩායමක් පරාජය කරන්නේ කෙසේද ? - එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම භාවිතා කරන නවතම තාක්ෂණික මෙවලම ලොවම පුදුම කරයි .! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

මෙවැනි තාක්ෂණයකින් පුහුණුවන කණ්ඩායමක් පරාජය කරන්නේ කෙසේද ? - එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම භාවිතා කරන නවතම තාක්ෂණික මෙවලම ලොවම පුදුම කරයි .!

ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවන් පුහුණු වීමේදි පුහුණු දැල් තුල පුහුණු වීම ප්‍රධාන අංගයක් වනවා. මේ සදහා පන්දුව විසි කරනා යන්ත්‍ර තිබෙන අතර එම යන්ත්‍ර වලින් පන්දු එවිමේදී ක්‍රීඩා පිටියේදි පන්දු යවන්නෙක් පන්දුවක් එවන ස්වරූපයක් ලබා ගන්නේ නැහැ.

නමුත් එංගලන්ත ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන්ට නම් මෙම ගැටලුව නැහැ. ඔවුන් යොදා ගන්නා අධි තාක්ෂණික පන්දුව විසි කිරීමේ යන්ත්‍ර වල පන්දු යවන්නා පන්දු යවන ඉරියව්ව දර්ශනය වන තරම්ම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තාක්ෂණයෙන් සන්නද්ධයි. මෙම පුදුම සහගත පන්දු යැවීමේ යන්ත්‍රයට ඕනෑම පන්දු ‍යවන්නෙක් පන්දු යවන අයුරු වීඩියෝ ගත කර එයට ලබා දිය හැකියි.  එම නිසා ක්‍රීඩා පිටියට යෑමට පෙරම ප්‍රතිවාදීන්ගේ පන්දු වලට හොදින් පුහුණු වී එංගලන්‍ත ක්‍රීඩකයන්ට පිටියට යා හැකි වීමද විශේෂත්වයකි.


මෙම පන්දු යැවීමේ යන්ත්‍ර වලින් එංගලන්තයේ මාලිබෝන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් පුහුණු වන අයුරු වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad