ආණ්ඩුවේ පක්කලියන්ගෙන් පිරෙන සිටි එෆ් එම් ගුවන් විදුලිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

ආණ්ඩුවේ පක්කලියන්ගෙන් පිරෙන සිටි එෆ් එම් ගුවන් විදුලිය

ආණ්ඩුවේ සයිබර් හෙංචයියන් ගුවන් විදුලියට පුරවමින්, ගුවන් විදුලියේ මහ ගෙදර තුලින් කල්ලතෝනී මතවාද සමාජයට දෙන වෑයමක් පිළිබඳව ලිපියක් අප වෙත ලැබී තිබේ. ඉද හිට තමන් සංවිධානය කල වැඩසටහනක හැර, පාසැල් කාලයේදීවත් මයික්‍රෆෝනයෙන් කතා කර නොමැති පිරිසක් ගුවන් විදුලියේ සජීවී වැඩසටහන් සඳහා එක් කරගෙන තිබෙන අතර, මේ ඒ පිලිබඳ අප වෙත ලැබුණු ලිපියයි.

මහත්මයාණනි,


මේ ලිපිය මම ලියන්නේ ඔබතුමාගෙ වෙබ්සයිට් එකේ ගිය ආටිකල් එකක් දැකීමෙන් පසුවයි. එම ආටිකල් එකේ විස්තර කරලා තිබුණා චමීර දෙද්දුවගේ කියල පුද්ගලයෙක් ගැන. මේ ලිපියෙන් මම ඔබට කියන්නේ හදන්නේ චමීර දෙද්දුවගේ සහ ඔහුගේ හෙන්චයියන් කිහිපදෙනෙක් නිසා ගුවන් විදුලි සංස්ථාවට සිද්ධ වෙන්න යන විනාශය ගැන. කරුණාකර මේ විනාශය ගැන දැනුවත් කරන්න. මම ගුවන්විදුලියේ අවුරුදු 10කට වඩා සර්විස් එක තියෙනවා. ගුවන් විදුලියේ චැනල් 10කට වඩා තිබුණත් එයින් ලාභ ලබන චැනල් තියෙන්නේ කීපයයි. City FM තමයි ඒ අතරිනුත් වැඩියෙන්ම ජනප්‍රිය චැනල් එක. 


City FM එකේ නිවේදන කරන්න, වැඩසටහන් කරන්න ලේසියෙන් කෙනෙක් ගන්නේ නැහැ. මොකද මේක අනුග්‍රාහකයන් (sponsors) ඉන්න චැනල් එකක්. රේඩියෝ සිලෝන් කාලේ ඉඳන්ම තිබුන සම්ප්‍රදාය තමයි කවුරුහරි නිවෙදකයෙක් නිවේදන කටයුතු කරනවානම් මුලින්ම මාස හයක පුහුණුවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අවුරුද්දක් වත් relief announcer (සහන නිවේදක) වෙලා ඉන්න ඕනේ. ඊටත් පස්සේ තමයි රෙකොඩඩ් ප්‍රෝග්‍රෑම් දෙන්නේ. ඒ සේරම කරලා ඊට පස්සේ තමයි Beam එකට හෙවත් සජීව විකාශයට ගන්නේ. අපි ආවේ එහෙමයි.

හැබැයි ගුවන් විදුලියට අලුතෙන් ආපු සභාපති සුදර්ශන ගුණවර්ධන සහ එයාගේ චක්ගොලයෝ නිසා අපිට සිද්දවෙලා තියෙනවා ඊයේ පෙරේදා පැරෂුට්වලින් බැහැපු ආණ්ඩුවේ රෙදි අපුල්ලන්නන්ට මේක දීලා දොට්ට බහින්න. සුදර්ශන ගුණවර්ධනගේ මල්ලි තමයි ඉන්දික ගුණවර්ධන. ඉන්දික ගුණවර්ධන කියන්නේ ෆේස්බුක් එකේ කවි ලියන මිනිහෙක්. කවි ලියනවා කිව්වට මිනිහ වැඩිපුරම කරන්නේ ආණ්ඩුවට කඩේ යන එක. පහුගිය ආණ්ඩුව කාලේ වෙච්ච හැම උද්ඝෝෂනයකටම එක ගානේ මෙයාල කවි සිංදු ලිව්වා. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ හාමුගේ පුක ලෙවකන එවුන්ගේ කටවල් වැහිලා. අන්න ඒ ඉන්දික ගුණවර්ධනගේ අයියා තමයි සුදර්ශන ගුණවර්ධන. 


සුදර්ශන කියන්නේ මංගලගේ ටොයිලට් පේපර් එක කියලයි ඉස්සර කිව්වේ. මංගල සමරවීර තණකොළ මිටියක් පෙන්නලා කාපං කිව්වොත් සුදර්ශන කනවා. එහෙම බයපක්ෂපාත කමක් තමයි තියෙන්නේ. දැන් අලුතෙන්ම වෙලා තියෙන දේ තමයි සුදර්ශන කෙලින්ම ප්‍රෝග්‍රෑම් ලයින් unp එකට ඩිරෙක්ට් කරන එක. කවදාවත් චෙයාර්මන් කෙනෙක් ස්ටුඩියෝ එකේ වැඩ බලන්නේ නෑ. මොකද චෙයාර්මන්ලට කරන්න ඊට වඩා වැඩ තියෙනවා. හැබැයි මේ ගොතයාගේ ප්‍රධාන රාජකාරිය තමයි ආණ්ඩුවට අප්‍රසාදය එල්ලවන ප්‍රවෘත්ති, සින්දු, වැඩසටහන් කපාහැරීම.

සුදර්ශන අලුතෙන්ම පටන් අරන් තියෙන වැඩේ තමයි ෆේස්බුක් එකේ ආණ්ඩුවට කහින එවුන්ට නිවේදනය කරන්න ප්‍රෝග්‍රෑම් ගහල දීම. මේ තියෙන්නේ එහෙම උඩින් පැරෂුට් බාපු එවුන්ගේ ලැයිස්තුවක්.

1. පිලිප් ශාන්ත
2. නදීෂා චන්ද්‍රසේන
3. චමීර දෙද්දුවගේ
4. මනෝරාම වීරසිංහ
5. තුෂාර ඩී. වන්නිආරච්චි
6. පුබුදු ලක්මාල්
7. කේතක ඩිනාජ්
8. රවීෂ තිලකවර්ධන
9. චතුර වැල්ලගේ
10. අයේෂා ටිම්රාන්


පිලිප් ශාන්ත කියන්නේ සිළුමිණේ දිනපතා ආණ්ඩුවේ රෙදි හෝදන බත්බැලයෙක්. නදීෂා චන්ද්‍රසේන කියන්නේ නාසා එකට ගියා කියල බොරුවට රටම රවට්ටපු හෙරක්. චමීර දෙද්දුවගේ කියන්නේ යූ. එන්. පී එකේ සෝෂල් මීඩියා එකෙක්. මිනිහා වැඩකරන තැන ගැන ඔබේ සයිට් එකේ සේරම විස්තර දාල තිබුනා. මnoරාම කියන්නේ කවුද කියල වෝල් එකට ගියාම බලාගන්න පුළුවන්. මිනිහා දැන් ඉන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ. එයාගේ ජොබ් එක ආණ්ඩුවට අවාසි වෙන දර්ශන, දැන්වීම් කපාහැරීම. තුසාර වන්නිආරච්චි කියන්නේ අගමැතිගේ ෆේස්බුක් පේජ් එක කරන මිනිහා. 


පුබුදු ලක්මාල්,කෙතක ඩිනාජ් දෙන්නම ඇමතිලා ළඟ ලේකම් ජොබ් කරන එවුන්. රවීෂ තිලකවර්ධන කියන්නේ සභාපතිගේ මල්ලි ඉන්දිකගේ ඉන්දිකගේ හොඳම යාලුවා. චතුර වැල්ලගේ කියන්නේ මංගල සමරවීර ළඟ වැඩකරන කුලී ලියන්නෙක්. අයේෂ ටිම්රාන් කියන්නේ ෆේස්බුක් එකේ රාජපක්ෂවරුන්ට එරෙහිව කවි සීපද ලියලා ජනප්‍රිය වෙච්ච ගෑණියෙක්. මේ හැමෝටම දීල තියෙන ප්‍රෝග්‍රෑම් ලිස්ට් එක බැලුවොත් පේනවා ඒ සේරම මිනිස්සු වැඩියෙන්ම රේඩියෝ අහන වෙලාවල්. සතියේ දවස් පහේම හවසට වැඩියෙන්ම රේඩියෝ අහන වෙලාවට තමයි මෙයාල මෙයාලගේ දේශපාලන මතවාද හීන්සීරුවේ රින්ගවන්නේ. උදාහරණයක් කියනවනං අලුතෙන් පටන්ගත්ත එක ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ‘කැෆේ කයිවාරු” කියල. 

එක බාරදීල තියෙන්නේ මනෝරාමටයි චමීරටයි. ඊයේ දවසෙම හයාමාරේ ඉඳන් හතාමාර වෙනකල් උන් කළේ ඒක හරහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට මඩ ගහපු එක. හතහමාරට තමයි ආරාධනා ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ගුවන් විදුලියේ වැඩියෙන්ම අහන ප්‍රෝග්‍රෑම් එක ආරාධනා. ආරාධනා අහන්න ආසා මිනිස්සු ඊට ටික වෙලාවකට කලින් රේඩියෝ එක දානවනේ. ඒ වෙලාවට මිනිස්සුන්ට ඇහෙන්න තමයි අර කැෆේ කයිවාරුව දැම්මේ. ඊළඟට අර නදීෂා චන්ද්‍රසේන කරන සංවාද වැඩසටහන. ඒකෙත් කරන්නේ ගිය ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතීන් සේරම පාච්චල් කරලා දෙකේ කොළේට දාන එක. 

එයාලගේ මතේ හැටියට කොළඹ ඩෙංගුවලට වගකියන්න ඕනේ මහින්ද මහත්තයාගේ සංවර්ධනය. මේවා තමයි මෙයාලාගේ මතවාද. මේවා මිනිසුස්න්ගේ ඔලුවට දාන්න තමයි සුදර්ශන ගුණවර්ධන වගේ බත්බැලයෝ සභාපති කරවලා දැම්මේ. දැන් ඒකෙ චමීරලා තුශාරලා පිනුම් ගහනවා. මේ කිසිම කෙනෙකුට සජීවී වැඩසටහන් කරන්න තියා අඩු වශයෙන් මයික් එකක් කෙළින් අල්ලගන්නවත් පුළුවන්කමක් තියෙන මිනිස්සු නෙමෙයි. ඒ වුණත් සභාපතිගේ බලපෑම නිසා අපිට සිද්ද වෙලා තියෙනවා මේ විකාරවලට ඉඩදීලා බලාගෙන ඉන්න.

ගුවන් විදුලිය කියන්නේ මේ රටේ සන්නිවේදනයේ මහගෙදර. අපි තමයි මේ මහගෙදර මෙච්චර කල් රැක්කේ. අපිටත් ඕනෙනම් තිබුනා මේක දාල සිරසට, සියතට යන්න. අපි නොගිහින් මේකේ හිටියේ මේකට ආදරේ නිසා. අපේ අම්මලා තාත්තලාගේ කාලෙටත් කලින් ඉඳන් ලංකාවේ තිබිච්ච ජාතික උරුමයක් මේක. මේක විනාස වෙනවා බලාගෙන ඉන්න අපට බෑ.

කරුණාකර මේ කරුණු ඔබේ වෙබ්සයිට් එකේ පලකරන්න. මේක ජාතික සේවයක් ලෙස හෝ සලකා මේ ටික පලකරන්න.


ස්තුතියි.



එම ඊමේල් පණිවිඩයේ PDF කොපිය පහතින්...

 


උපුටා ගැනීම Leaks LK

No comments:

Post a Comment

Post Bottom Ad