ඊබේ, අලි එක්ස්ප්‍රස් ඔන්ලයින් බඩු ඇණවුම් කරද්දී මින් පසු 3.5 ක බද්දක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

ඊබේ, අලි එක්ස්ප්‍රස් ඔන්ලයින් බඩු ඇණවුම් කරද්දී මින් පසු 3.5 ක බද්දක්

https://www.gossiplankanews.com/2019/03/new-tax-on-ebay-ali-express.html#more
න්තර්ජාලය භාවිත කරමින් විදේශ භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිම් කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ඩෙබිට් කාඩ්පත් අංක යොදාගැනීම පසුගිය කාලයේ බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ ගෙවීම් වෙන වෙනම සැලකීමේදී කිසිදු අමතර මුදලක් ගෙවීමට ගනුදෙනු කරුවන්ට සිදු නොවූ අතර
ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පමණක් මාසික ගෙවීම් ප්‍රමාණය මත මුද්දර ගාස්තු ගෙවීමට සිදු විය.
නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස්කරනු ලබන අතර ජාතිය ගොඩනැගීමේ බද්දක් ලෙස සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහාම ගෙවන්නට සිදුවන බව අද (5) පැවති අයවැයේදී යෝජනා කර තිබේ.

එය අයවැය වාර්තාවේ සටහන් කර තිබුනේ

'විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරළ (offshore) ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ. මෙම හඳුන්වාදීම හා සමගාමීව විදේශ මිලදී ගැනිම් සඳහා ණය කාඩ්පත් සඳහා වන මුද්දර ගාස්තුව ඉවත් කරනු ලැබේ.'
 යනුවෙනි.

ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලට ගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී භාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
 එපමණක් නොව එකවර හෝ මාසිකව වාර්ෂිකව ගෙවීම් කරන නෙට්ෆිලික්ස්, ඇමේසන් ,ගෝඩැඩී වැනි ආයතනන සපයන සේවා සඳහාද කාඩ්පත් ගෙවීම් කරන්නේ නම් මෙම බද්දට යටත්ය.

කෙසේ වෙතත් ලංකාවේ දේශීය සමාගම් හරහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ ගනුදෙනු වලට මෙය අදාළ නැත.


No comments:

Post a Comment

Post Bottom Ad