මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා ඉල්ලයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 27, 2019

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා ඉල්ලයි !

රණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා සඳහන් කරයි.

ඔහු පවසා සිටියේ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව “මානව හිමිකම් පිළිබඳ ඔරලෝසුව ආපසු හරවන“ බවය.

ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය නැවත ගෙන ඒමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සහ කරන බවත් ඔහු මාලදිවයිනේ ජනාධිපතිවරයාගෙන් යම් පාඩමක් ඉගෙන ගෙන එම තීරණය වෙනස් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ව්‍යාපාරික අධිපති ට්විටර් පණිවුඩයක සඳහන් කර ඇති අතර මරණ දණ්ඩනය විනාශකාරී විය හැකිබවත් එය කිසි විටෙකත් විසඳුමක් නොවන බවත් ශ්‍රී ලංකාවේ වැනි ලස්සන රටක් මෙම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම කළකිරවන සුළු පුවත්ක් බව ඔහු අවධාරණය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad