පසුගිය මාස දෙකක කාලය තුලදී ලද තොරතුරු මත සිදුකරන ලද විමර්ශන වලදී සොයා ගනු ලැබූ තවත් රුපියල් බිලියනයක පමණ වටිනාකමකින් යුත් දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
රාජසන්තක කිරීමට කටයුතු කළ දේපළ අතර වාහන, රන් භාණ්ඩ, නිවාස හා දේපළ ද ඇතුලත් බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිදුකරනු ලැබූ විමර්ශන වලදී ඊට සම්බන්ධ හා ආධාර උපකාර ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් කාන්තාවන් ඇතුළු සැකකරුවන් 63 දෙනෙක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියා.


No comments:
Post a Comment