පොහොට්ටුවේ අපේක්‍ෂකට විරුද්ද වූවොත් ශ‍්‍රීලනිපය සමග සන්ධාන නැ - බැසිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

පොහොට්ටුවේ අපේක්‍ෂකට විරුද්ද වූවොත් ශ‍්‍රීලනිපය සමග සන්ධාන නැ - බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුවහොත් එම පක්ෂය සමඟ සන්ධාන ගත වීමක් සිදු වීමට ඉඩ නැතිවිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වූවා කියා තම පක්ෂය විශේෂ ජයග්‍රහණයක් නොලබන බවත් ඔවුන් සමග සන්ධාන ගත නො වූවා කියා පරාජය වීමක්ද සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය.

11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට පෞද්ගලික ආරාධනා කර නැති බවද හෙතෙම පැවසීය.

සමුළුවට ආරාධනා කර ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කරන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පමණක් බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් සමුළුවට ආරාධනා නොකිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පවත්වන සන්ධාන සාකච්ඡාවලට බාධාවක් නොවන බව ද ඔහු පැවසීය.

හිටපු ඇමැතිවරයා මේ බව කියා සිටියේ කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad