Loading...
දේශපාලන උණුසුම රටේ අනෙකුත් සියලූ ප‍්‍රශ්න යටපත් කර තිබේ. දහසකුත් අමාරුකම් මැද දිවි ගෙවන රටේ බහුතර ජනතාවගේ අවධානය තම ප‍්‍රශ්න වලටත් වඩා ඒ ඒ පක්ෂවල අපේක්ෂකත්වය පිළිබඳවය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට ලබා දීම හා එම පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිතය. පසුගිය පස් වැනිදා පැවැත්වීමට නියමිතව තිබී පසුව අවලංගු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම අගෝස්තු මස අවසානයට පෙර සිදුකරන්නට නියමිතය. මේ සියල්ල අතරේ ඉදිරි සතිවලදී ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් මණ්ඩල වෙනසක් සිදු කෙරෙන බවද සඳහන්ය. මෙහිදී ප‍්‍රබලම ඇමැති ධුර ගණනාවක වෙනස්කම් සිදු කෙරේ. ඉදිරි මැතිවරණ ඉලක්ක කොට කඩිනම් වැඩපිළිවෙළක් දියත් කිරීම මෙහි අරමුණවී තිබේ.
රනිල් - සජිත් හදිසි සාකච්ඡුාවක්
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ඡුාවක් පසුගියදා පැවැත්වුණි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප‍්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමෙන් පසුව මෙම සාකච්ඡුාවට සහභාගි විය.
අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු මෙම සාකච්ඡුාවට ඒ දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් සහභාගි නොවූහ.
පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හා තවත් දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡුා කෙරුණු අතර දෙදෙනාම ජනාධිපති ධුර අපේක්ෂකත්වය බලාපොරොත්තු වන බව පැවසු බව සඳහන්ය. එම නිසා එම සාකච්ඡුාවද තීරණයකින් තොරව අවසන්වූ බව සඳහන්ය. කෙසේ වෙතත් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් සන්ධානගත වීමේ අවශ්‍යතාව අගමැතිවරයා විසින් මෙහිදී සජිත්ට පෙන්වා දී තිබේ. එම නිසා කවර හෝ තීරණයක් නව සන්ධානය බිහි කිරීමෙන් පසු ගත හැකි බව අගමැතිවරයා පවසා තිබේ.
ගැටලූව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ?
කෙසේ වෙතත් මෙම ගැටලූව අවසානයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ඡුන්දයකින් තීරණය වීමේ හැකියාවක්ද තිබේ. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැහැදිලි බහුතරයක් තිබෙන බව පැවසේ. සජිත් පේ‍්‍රමදාසගේ කණ්ඩායමද පවසන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තමන් සතු බවය.
එජාපයේ තවත් කණඩායමක මතය වී ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික‍්‍රමසිංහට ලබාදී අගමැති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස නම් කළ යුතු බවය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේම තවත් ප‍්‍රබලයන් කීපදෙනකු මෙම ගැටලූව විසඳීම සඳහා යෝජනා කර ඇත්තේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය කරු ජයසූරියට ලබාදී අගමැති අපේක්ෂකයා ලෙස රනිල් පත් කළ යුතු බවය.
මෛත‍්‍රී - මහින්ද සාර්ථක සාකච්ඡුාවක
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා සිදුවිය.
ලබන 11 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන්ද ඉදිරි දේශපාලන කරුණු ගණනාවක්ද මෙහිදී සාකච්ඡුාවී තිබේ. ඔවුන් දෙදෙනා පමණක් සහභාගි වූ මෙම හමුවේදී ඉදිරි මහමැතිවරණයෙන් පසු ඇමැති ධුර බෙදා ගැනීම ආදී කරුණු පවා සාකච්ඡුා වී තිබේ. එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමැති ධුර හයක් යෝජනා වූ බව නිල නොවන ආරංචි මාර්ග පවසයි.
දෙදෙනා අතර පැයකට වැඩි කාලයක් සාකච්ඡුාව පැවැත්වුණ අතර මෙය බොහෝ දුරට සාර්ථක සාකච්ඡුාවක් බව සඳහන්ය.
මේ අතර තීරණාත්මක දේශපාලන කාරණා ගණනාවක් ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡුාවක් ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැුඳී සිටියදීත් ජනාධිපතිවරයා විසින් දුරකථනයෙන් ඔහුගේ සුවදුක් විමසා ඇති බව සඳහන්ය. එහිදී ද දෙදෙනා බොහෝ කරුණු සාකච්ඡුා කර තිබිණි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනා ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව පවසද්දී ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා සහ ඔහුගේ හිතවාදීන් ගෝඨාගේ අපේක්ෂකත්වය අනුමත නොකරන බව පවසා තිබේ. එහෙත් පක්ෂයේ මහ ලේකම්වරයා වන රාජා කොල්ලූරේ මහතාත් ඇතුළු පිරිසක් කියා සිටින්නේ විපක්ෂයෙන් ජයග‍්‍රහණය කළ හැකි අපේක්ෂකයා
ගෝඨාභය නිසා ඔහුට පක්ෂ විය යුතු බවය.
ගෝඨාභය ගැන බැසිල් කියන කතා
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
එමෙන්ම ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි බියක් දැක්වුවද ඔහු දරුණු පාලකයකු නොවන බවත් අල්ලසට ¥ෂණයට එරෙහිව දැඩිව කටයුතු කරන ඔහු කළමනාකරණයෙහි ඉතාමත් දක්ෂයකු යැයිද බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදීය.
මේ අතර මෙතෙක් ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලයන් ලෙස කටයුතු කළ හිටපු ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරා සහ නිමල් සිරිපාල ද සිල්වා යන මන්ත‍්‍රීවරුන්ද ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ජවිපෙන් නව සන්ධානයක්
මේ අතර ඉදිරි කිසිදු මැතිවරණයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස තරග නොකිරීමට තීරණය කොට තිබේ.
ජවිපෙ ඉදිරි මැතිවරණවලට තරග කරන්නේ ජාතික ජනබල පෙරමුණ නමින් පිහිටුවනු ලබන දේශපාලන සංවිධානයෙන් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතා පසුගියදා ප‍්‍රකාශ කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජනබල පෙරමුණ ඡුන්ද ලක්ෂ 15 කට ආසන්න ප‍්‍රමාණයක් ඉලක්ක කොට ඇති බවද ප‍්‍රකාශ කළ ඔහු, ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන්ද ඇතුළත්ව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 15-20 ක් අතර ප‍්‍රමාණයක් ඉලක්ක කර ඇති බවද ප‍්‍රකාශ කළේය.
ඒ සඳහා දිවයින පුරා සෑම ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක‍්‍රියාත්මක කර ඇති අතර අනාගතයේදී දේශපාලන පක්ෂයක් ලෙස ප‍්‍රධාන දේශපාලන පක්ෂ හා කුමන ආකාරයේ සන්ධානගත වීමක් සිදු නොකිරීමටද ජාතික ජනබල පෙරමුණ තීරණය කොට තිබේ. ඒ අනුව හිටපු විගණකාධිපති සරත් මායාදුන්න මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට නියමිතව ඇත්තේ එම සන්ධානයෙනි.
රටම බලා සිටි නඩු තීන්දුව
මහින්ද රාජපක්ෂ පරිපාලනයේ ප‍්‍රබලම චරිතයක්වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව පැවැත්වුණු නඩු විභාගයෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීම මේ සතියේ ප‍්‍රධානතම සිදුවීමක් විය. මෙම නඩු විභාගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද දැඩි අවධානයෙන් පසුවූහ. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ලෙන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත්වී ඇති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවය.
මුස්ලිම් කොන්ග‍්‍රසයේ තීරණය
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම පිළිබ`දව සෙසු ප‍්‍රධාන පක්ෂ සමග සාකච්ඡුා කිරීමට මුස්ලිම් කොංග‍්‍රසය අවධානය යොමුකර තිබේ.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත නොහැකි තත්ත්වයකට පත්වීමත් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට යුක්තිය ඉටු නොවීමත් දේශපාලන තත්ත්වයේ පවතින ගැටලූකාරී තත්ත්වයත් මෙයට බලපෑ බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය පවසා ඇත. කෙසේ වෙතත් මුස්ලිම් කොන්ග‍්‍රසයේ තවත් ප‍්‍රබල කණ්ඩායමක් පවසා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දිය යුතු බවය.
මුස්ලිම් කොංග‍්‍රසයේ මෙම තීරණයට කිසියම් පාර්ශවයක බලපෑමක් ඇත්දැයි දේශපාලන ලෝකයේ කතාබහට ලක්ව තිබේ. කෙසේ වෙතත් මෑත කාලීනව බලයට පත්වන සෑම රජයකටම එක්ව සැමදා ඇමැති ධුර දරන මුස්ලිම් කොංග‍්‍රසය කවුරුන් බලයට පත්වුවද මීළඟ රජයේද කැබිනට් ඇමති ධුර දැරීම පුදුමයක් නොවේ.
මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විපක්ෂ බලවේග සමගද සාකච්ඡුා කර තීරණයක් ගත යුතු බවටද මුස්ලිම් කොංග‍්‍රසයේ ඇතැමුන් පවසා තිබේ. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නිර්මාතෘ දිවංගත ඒ.එච්.එම්. අශ්රොෆ් මහතාගේ බිරිඳ හිටපු ඇමැතිනි ෆෙරියල් අශ්රොෆ් මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ වන විට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්ව සිටිති.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ අතරේ ඇතිකර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබඳවද ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත.
මන්ත‍්‍රීවරුන්ගේ වැටුප ගැන මහජන අප‍්‍රසාදය
මේ අතර රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට මාසිකව ලැබෙමින් තිබියදී තවත් අතිරේක දීමනාවක් ලෙස රුපියල් ලක්ෂ දෙකක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාවකට අත්සන් කිරීම තමා ප‍්‍රතික්ෂේප කළේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රසිද්ධ රැුස්වීමකදී පැවසීමත් සමග රටේ ජනතාව අතර ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවී තිබේ.
”යම් යම් ප‍්‍රශ්න මතුවන්නේ මෙවැනි දේවල්වලට තමාගේ අකමැත්ත පළකිරීම නිසා යැයිද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වරප‍්‍රසාද සහ අයිතිවාසිකම් අසීමිතයි, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දැන් දෙන වැටුප් සහ දීමනාවන්ට අමතරව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න තමයි ඒ යෝජනාව ගෙනත් තිබුණේ. ඒ සඳහා මට ලොකු බලපෑමක් කළා.මම කිව්වා මට නම් කැමති වෙන්න බැහැ කියලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට දැනට මාසිකව රුපියල් ලක්ෂ 4 කට වැඩිය ලැබෙනවා තවත් රුපියල් ලක්ෂ දෙකක අතිරේක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බැහැ කියලා මම අත්සන් කළේ නැහැ” යනුවෙන් ජනාධිපතිවරයා ප‍්‍රකශ කළේය.
රටේ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටියදී මන්ත‍්‍රීවරුන්ට මේ ආකාරයට වැටුප් හා දීමනා ලබාදීම බරපතළය. රටේ ජනතාවට දහසකුත් බදු ගසමින් දේශපාලනඥයන්ට සුර සැප දෙන්නට ඒ මුදල් වැය කිරීම කවුරුන් කළද බරපතළ අපරාධයකි. කෙසේ වෙතත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරු පවසන්නේ එවැනි වැටුපක් තමන්ට නොලැබෙන අතර සියලූ දීමනා සහිතව රුපියල් ලක්ෂ තුනක පමණ වැටුපක් ලැබෙන බවය. කෙසේ වෙතත් සියලූ දීමනා සහිතව මන්ත‍්‍රී සහ ඇමති වැටුප දැනගන්නට රටේ ජනතාව කැමැත්තෙන් පසුවෙති.
විසුරුවා ඇති පළාත් සභාවල මන්ත‍්‍රීලාට සැප වාහන
දැනට පවතින සහ විසුරුවා හැර ඇති පළාත් සභා වල සිටි මන්ත‍්‍රීවරුන් කොටසකට පමණක් හිමි වූ තීරු බදු රහිත වාහන බලපත‍්‍ර සෙසු මන්ත‍්‍රීවරුන්ටත් ලබා දීමට ආණ්ඩුව සූදානම්වේ. මෙය බරපතළ අපරාධයකි.
මුදල් අමාත්‍යවරයා විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව සහනදායි බදු පදනම මත වාහන ආනයන බලපත‍්‍ර නිකුත් කිරීම 2015 නොවැම්බර් 20 වැනිදා සිට නවතා දමා ඇති බැවින් එයින් මන්ත‍්‍රීවරුන් කොටසකට අසාධාරණයක් වූ බව පවසමින් මේවා ලබාදීමට නියමිතය. විසුරුවා හැර ඇති පළාත් සභාවල මන්ත‍්‍රීවරුන්ට වාහන ලබා දෙනු වෙනුවට රජය කළ යුතුව ඇත්තේ හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමය. පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත‍්‍රීවරුන්ටත්, රජයේ ඉහල නිලධාරීන්ට හා වෛද්‍යවරුන් ඇතුළු ශ්‍රේණි ගණනාවකට ලබා දෙන වාහන බලපත‍්‍ර බොහොමයක් විකිණීම සිදුවේ. මෙය තනිකරම ¥ෂිත හොරකමකි. ජනතාවට සේවය කිරීම සඳහා ලබා දෙන වාහන බලපත‍්‍රය විකුණා ගැනීම අද නීතිගත කර තිබෙන බවක් පෙනෙන්නේ ප‍්‍රසිද්ධ දැන්වීම් පළකර ඒවා විකුණන නිසාය. වර්තමාන නීතිපතිවරයා දැඩි තීරණ ගන්නා කෙනෙකු ලෙස ප‍්‍රසිද්ධය. එම නිසා මෙවැනි ¥ෂිත ක‍්‍රියාවන්ට එරෙහිව ඔහු හෝ යම් ක‍්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඉන්දු - පකිස්තානු උණුසුමෙන් දකුණු ආසියාව රත්වෙයි.
දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලූ ඇතිකරමින් ඉන්දියාව හා පකිස්ථානය අතර දැඩි නොසන්සුන් තාවයක් ඇතිවී තිබේ.
ඉන්දියාව එරට පාලනය යටතේ ඇති කාශ්මීරයේ කොටසට ලබා දී තිබූ විශේෂ බලතල අහෝසි කිරීමට පසුගියදා කටයුතු කරන ලදී.
කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ඒකපාර්ශවීය ලෙසත් නීති විරෝධී ලෙසත් තීන්දු තීරණ ගන්නා බව පවසමින් ඉන්දියාව සමඟ පවතින රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා නවතා දමමින් එරට සිටි ඉන්දීය තානාපතිවරයාද ආපසු ඉන්දියාවට යවා තිබේ. එසේම ඉන්දියාව සමඟ තිබෙන ද්විපාර්ශ්වීය වෙළෙඳ කටයුතු නවතා දැමීමටද පාකිස්තානය තීරණය කර ඇත.
ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන කාශ්මීරයට අදාළ විශේෂ බලතල ලබා දී තිබූ අතර එම වගන්තිය අහෝසි කිරීමට භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව පියවර ගනු ලැබුවේ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ නියෝග පරිදිය.
කෙසේ වෙතත් දෙරට අතර ඇති මෙම ආරවුල මුළු දකුණු ආසියාවටම බලපානු ඇත.
-Divaina

No comments:
Post a Comment