ගජධීරගෙන් හිස් වන මන්තී‍්‍ර ධුරයට මනෝජ් සිරිසේන. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 8, 2019

ගජධීරගෙන් හිස් වන මන්තී‍්‍ර ධුරයට මනෝජ් සිරිසේන.

Loading...
ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් හිටපු නායක අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රී ධුරය සඳහා දකුණු පළාත් සභාවේ හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා පත් කෙරෙනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 පසුගිය මහ මැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව හය වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතායි.
 තමා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් නොවන බවත් පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධුරය මනෝජ් සිරිසේන මහතාට හිමිවනු දැකීම තම අපේක්ෂාව බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කර ඇත.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad