ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අගමැති අපේක්‍ෂකකමත් සජිත්ට දෙන්නේ නෑ.. අවශ්‍ය නම් වෙනම තරග කරනු..- සජිත්ට කෙලින්ම කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 7, 2019

ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අගමැති අපේක්‍ෂකකමත් සජිත්ට දෙන්නේ නෑ.. අවශ්‍ය නම් වෙනම තරග කරනු..- සජිත්ට කෙලින්ම කියයි..

එළැඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ය යන පදනම සිට සියලු සාකච්ඡා සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අරලියගම මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණ ජේෂ්ඨයන්ගේ රැස්වීමේදී ද සාකච්ඡා පැවැත්වූයේ එම පදනමේ සිටිමින් බවද ඔහු පැවසීය.

අගමැතිධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බවක් කිසි තැනක පොරොන්දු වී නැති බවද ඔහු සදහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක බවට පත් කරන බවක් කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය සඳහන් කර නැති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට තරඟ වැදීමට අවශ්‍යමනම් සජිත් ප්‍රේමදාස මහතාට වෙනත් ක්‍රමයක් සොයා ගත යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad