එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා වශයෙන් තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කර ඇත.
අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන් ජ්‍යෙෂ්ඨයන් එකොළොස් දෙනෙකු සමඟ පෙරේදා දින පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදීය.
තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය බහුතරය එකඟත්වය ලැබී ඇති බවද අගමැතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තම පළමු ප්‍රචාරක රැස්වීම හම්බන්තොටින් ආරම්භ කරන බවද අගමැතිවරයා එහිදී පවසා තිබේ.
ජනාධිපතිවරුන්ට ඉදිරිපත්වීමේ තම තීරණය වෙනස් නොකරන බව ද අගමැතිවරයා එහිදී තවදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ඇමතිවරු ප්‍රකාශ කරන්නේ අගමැතිවරයා එවන් ප්‍රකාශයක් එම හමුවේදී සඳහන් නොකළ බවය.
මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂපාති ලෙස කටයුතු කල එජාප සමාජ ජාල ගිණුම් ගණනාවක් ඊයේ පස්වරුවේ සිට රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස වර ගන්වමින් සටහන් පල කරමින් ඇත.
Saturday, September 7, 2019
Home
ප්රවෘත්ති
Exclusive : එජාප අපේක්‍ෂක රනිල්.. කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය ලැබේ.. ජනාධිපතිවරණ පලමු රැුළිය හම්බන්තොටින් අරඹයි..
Exclusive : එජාප අපේක්‍ෂක රනිල්.. කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය ලැබේ.. ජනාධිපතිවරණ පලමු රැුළිය හම්බන්තොටින් අරඹයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment