Ceypetco හී කෝටි හය හමාරක වංචාවක් ගැන විමර්ශන ඇරඹෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 7, 2019

Ceypetco හී කෝටි හය හමාරක වංචාවක් ගැන විමර්ශන ඇරඹෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන රුපියල් කෝටි හය හමාරක මූල්‍ය වංචාවක් සම්බන්ධව, රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොරතුරු තාක්ෂණ අංශයේ පිළිවෙත්වලට පටහැනිව තෝරාගත් ඉන්ධනහල් හිමියන්ගේ, සංස්ථා ඉන්වොයිස්පත් අහෝසි කරමින් හා පිරිවැය මධ්‍යස්ථාන මාරු කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි කොමිසම වෙත ඉදිරිපත්ව ඇති පැමිණිලි සම්බන්ධව මෙම විමර්ශන සිදුකරයි.

මීට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදු කරන ලද අභ්‍යන්තර විගණන වාර්තා 3 කින් හා විමර්ශන වාර්තාවකින් සංස්ථාවට රුපියල් මිලියන 366 ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට සනාථ වී ඇත.

ඒ අනුව ලබන 11 වනදා අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන බව ජනාධිපති පරික්ෂණ කොමිශන් සභාව සඳහන් කළේය.

Ceypetco හී සිදුවන තවත් දුෂිත අක්‍රමිකතා රැසක් පිළිබඳ හෙළිදරව්වක් ලගදීම....

No comments:

Post a Comment

Post Bottom Ad