දයාසිරි මහින්දට දුන් රහස් ලිපිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 7, 2019

දයාසිරි මහින්දට දුන් රහස් ලිපිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ධුරය දැරිය හැකි අවසන් දිනය දක්වා තනතුර දැරීමට අවකාශ සලසාදී ඉන්පසු දිනයක ජනාධිපතිවරණය පවත්වන ලෙස ශ්‍රීල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් රහසිගත ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

පැරණි ව්‍යවස්ථාව යටතේ වසර හයක ධුර කාලයකට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයෙන් වසරක් අඩු කරගෙන විශාල කැපකිරීමක් කර ඇති නිසා ඔහුට දැනට හිමිව ඇති වසර පහක උපරිම නිල කාලය අවසන් දිනය දක්වා දැරීමෙන් පසු ජනාධිපතිවරණය පවත්වන්නැයි ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති වෙත යොමුකළ ලිපියේ සඳහන්ය.

එහෙත් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධව මෙතෙක් තීන්දුවක් ගෙන නැත. ජනාධිපතිවරයාගේ ඉල්ලීම එලෙස ඉටුකළහොත් ජනාධිපතිවරණය පැවැත්විය හැකි අවසන් දිනය මෙම වසරේ දෙසැම්බර් මස 07 දාය. නමුත් දෙසැම්බර් මුල් සතියේ සිට අ:පො:ස: සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා මෙම ඉල්ලීම ඉටුකිරීම ප්‍රායෝගික වශයෙන් දුෂ්කර බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.

(දේශය)

No comments:

Post a Comment

Post Bottom Ad