සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා දීම සදහා එකඟතාවයට පත්වූ බව වාර්තා වෙයි.
හිටපු ඇමැති මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩයක සටහන් කර ඇතතේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමග පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණි බවයි.
මෙම සාකච්ඡා සඳහා කරු ජයසූරිය මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ද පැමිණ තිබූ බව වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා යනු මීළඟ අගමැතිවරයා ලෙස නිරූපනය වෙයි.
කෙසේ වෙතත් ළඟම පවතින පාර්ලිමේන්තු මහ මැතිවරණය ද මෙහෙයවීම සහ එහි දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමේ වගකීම ද මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට නිතැතින්ම උරුම වී තිබේ.
ජනාධිපතිවරණයෙන්ද පරාජයට පත් වූ රාජ්‍ය නායකත්වයද වසර පහක කාලයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබියදී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම අතිශය අසීරු තත්වයක පවතින බව විචාරක මතයයි.
Friday, November 29, 2019
රනිල් කල්යල් බලා තවත් ගිනි ගෙඩියක් සජිත්ට පහත් කරයි.. පිස්සු ඩබල් වීමට නියමිතයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment