ස්විස් එම්බසියේ කාන්තාව රහස් පොලිසියෙන් පැහැර ගත් කතාව අසත්‍යයක් - පොලිසියෙන් නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 29, 2019

ස්විස් එම්බසියේ කාන්තාව රහස් පොලිසියෙන් පැහැර ගත් කතාව අසත්‍යයක් - පොලිසියෙන් නිවේදනයක්

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවන් පැහැරගෙන ගියේ යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එකී සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගත් බවට වූ සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය පූර්ණ විමර්ශනයක් ආරම්භ කෙරේ.

පසුගිය දිනක ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක්වූ බවට ලැබුණු තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 2019.11.27 දින විමර්ශනයක් ආරම්භ කරන ලදී.

ලැබුණු තොරතුරක් මත එලෙස විමර්ශන ආරම්භ කරමින් ස්විට්සර්ලන්ත තානාපති තුමාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කරමින් විමර්ශනය සඳහා අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබා දෙන ලෙසට ද එතුමාගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව සිදුවූ බව කියන සිද්ධිය පිළිබඳව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් අද දින (2019.11.29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.

ලැබුණු තොරතුරු අනුව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන මෙම විමර්ශනය සඳහා සහාය වීම පිණිස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද, පොලිස් සමීප රූප අවේෂණ කැමරා කොට්ඨාසයේ (C.C.T.V. Division ) නිලධාරීන් කණ්ඩායමක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට සහාය සඳහා පත්කර ඇත.

මෙම පැහැර ගැනීම සිදුකළ බව කියන සැකකරුවන් වින්දිත තැනැත්තියට තර්ජනය කරමින් පවසා ඇත්තේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන බව නමුත් එය විමර්ශකයින් නොමඟ යැවීම සඳහා සැකකරුවන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් බවද වැඩිදුරටත් දන්වා සිටින අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදුකර අදාල අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

– පොලිස් මාධ්‍ය කොට්ඨාශය


No comments:

Post a Comment

Post Bottom Ad