නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සඳහා තමන් කිසිසේත්ම සූදානම් නැති බව එක්සත් ජාතික පෙරමුණේ පරාජිත ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෝ විපක්ෂ නායකධූරය නොලැබෙන්නේ නම් වෙනත් දේශපාලන පක්ෂයක් ආරම්භ කළයුතු බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශ්වයෙන් පැමිණි යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
නමුත් පවතින තත්ත්වය තුළ පාක්ෂිකයා රඳවා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය බලාපොරොත්තු වෙන බවත් එනිසා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබෙන ඉන්නම් වෙනත් පක්ෂයක් ඇරඹීමට මේ අවස්ථාව ඉතා සුදුසු බව ඔවුන්ගේ අදහස වී ඇත.
කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ තමන් මේ දිනවල විවේකීව කටයුතු කරන නිසා ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නැති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙන්නේ නම් තම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට තමන් සූදානම් බවද ඔහු සඳහන් කර තිබේ.
Thursday, November 28, 2019
sajith premadasa
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment