ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම භාෂණයේ නිදහස සීමා කිරීමක් හා භාෂණයේ නිදහසට එල්ල කරන තර්ජනයක් ලෙස හැඳින්විය හැකි බවයි.
සුදු වෑන් සිදුවීම් සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කර ඇති බවත්, එහෙත් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදුකර නොමැති බවත් එජාප ලේකම්වරයා පවසනවා. එසේ තිබියදී අදාල මාධ්‍ය හමුව පැවැත්වූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පිටුපස පැන්නීම අනුමත කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා.


No comments:
Post a Comment