ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස WD ලක්ෂ්මන් මහතා පසුගියදා වැඩ බාරගැනීමට යෙදුනි.
1949 අංක 58 දරන මුදල් රෙගුලාසි පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම පත්වීම සිදු කෙරිනි.
විශ්ව විද්‍යාල පද්ධතිය තුල ලක්ෂ්මන් මහතාට වසර 43 ක සේවා පළපුරුද්දක් ඇති අතරම එතුමා කීර්තිමත් ආර්ථික උපදේශකවරයෙකුද වෙයි.
කුප්‍රකට මහා බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාහට දඩුවම් පැමිණවීමේ කාර්යේදී මෙන්ම දනින් වැටී තිබෙන රටේ ආර්ථිකය හරිමගට ගැනීමට ඉදිරියේදී පැවරෙන කාර්යබාර්ය අතිමහත්ය .
එහෙත් තවමත් මහ බැංකුවේ අධිපති කාර්ය මණ්ඩලයේ සිට සියලු වගකිවයුතු ලිපි ලේඛන පවා සැකසෙන ස්ථාන වලට අරක්ගෙන සිටින්නේ එක්සත් ජාතික පක්ෂ සමයේදී පත් කෙරුණු මෙන්ම අර්ජුණ මහේන්ද්‍රන්ගේ හිතවතුන්ය.
එම සියලු දෙනාවම ආරක්ෂා කිරීමේ වගකීම දැනට කරලියේ සිටින කිරුල නොපලන් අයෙකු පෙරමුණ ගෙන ඇති බවට බහුතරයක් සේවකයන් චෝදනා නගමින් සිටි.
– මහ බැංකු වාර්තාකරු
Friday, December 27, 2019
බැදුම්කර මාමාගේ ගෝලයන් තවමත් මහ බැංකු කරලියේ !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment