මංගලගේ කාලයේදී ලොතරැයි මණ්ඩලයේ ගොඩනැගිල්ලකට කුලිය මසකට ලක්ෂ 87යි – නව සභාපති ලලිත් පියුම් පෙරේරා ගෙවීම් ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 6, 2020

මංගලගේ කාලයේදී ලොතරැයි මණ්ඩලයේ ගොඩනැගිල්ලකට කුලිය මසකට ලක්ෂ 87යි – නව සභාපති ලලිත් පියුම් පෙරේරා ගෙවීම් ප්‍රතික්ෂේප කරයි

රජයේ තක්සේරු මුදලට වඩා දෙගුණයක මුදලක් තක්සේරු කර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා කොටුව මුදලිගේ මාවතේ ගොඩනැගිල්ලක් කුලියට ලබා ගැනීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මංගල සමරවීර මුදල් ඇමැතිවරයාව සිටි කාලයේ දී මෙම ගොඩනැගිල්ල ලබාගෙන ඇත්තේ මාසික කුලිය රුපියල් ලක්ෂ 87කටයි.

මෙය තක්සේරු මුදලට වඩා දෙගුණයක් වැඩි බව සේවකයන් ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරාට දැනුම් දී තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති අතර එම මුදල් යළි මහා භාණ්ඩාගාරයට යොමු කර මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කුලී ගොඩනැගිල්ලට අදාළ මාසික කුලිය ගෙවන චෙක්පත පසුගිය දා නව සභාපතිවරයාට යොමු කළත් ඔහු එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad