ඉරානය ඇමරිකා කදවුරු පෙලකට පහර දේ.. ඇමරිකා ප‍්‍රහාරක යානා අණ ලැබෙන තෙක් ශ‍්‍රී ලංකාව ආසන්නයේ සූදානමින්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 7, 2020

ඉරානය ඇමරිකා කදවුරු පෙලකට පහර දේ.. ඇමරිකා ප‍්‍රහාරක යානා අණ ලැබෙන තෙක් ශ‍්‍රී ලංකාව ආසන්නයේ සූදානමින්..

ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මිසයිල ප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ල මෙන්ම මෙහිදී එල්ල කර ඇති අතර ප්‍රහාරය ඉරානය විසින් එල්ල කර ඇත්තේ තම හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

මේ හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය ගැන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඇමරිකානු ආරක්ෂක උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටී.

ඉතා ඉක්මනින් ඔහු ජාතිය ඇමතීමට ද නියමිත ය.

මේ අතර ඉරානයට ඕනෑම මොහොතක පහරදීමේ සූදානමින් ශ‍්‍රී ලංකාවට දකුණු දිගින් පිහිටි දියාගෝ ගාෂියා් දූපත ආසන්නයෙන් ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා බලඇණියක් ස්ථානගත කරවීමට දැනටමත් කටයුතු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad