මා කලේ විකිලීක්ස්හි ජුලියන් අසාන්ජ් මෙන් වැඩක්.. ජනතාව අනාගතයේදී මට ගරු කරාවි - රන්ජන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 8, 2020

මා කලේ විකිලීක්ස්හි ජුලියන් අසාන්ජ් මෙන් වැඩක්.. ජනතාව අනාගතයේදී මට ගරු කරාවි - රන්ජන්

විකිලීක්ස් ජුලියන් අසාන්ජ්ට මෙන් දිනක තමන්ට ජනතාව ගරු කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

හඬපට මගින් හෙළිදරව් වන කාරණා හේතුවෙන් ජනතාව එසේ අනාගතයේදී තමන්ට ගෞරවය කරනු ඇතැයි ද ඔහු පැවසීය.

තම සටන කුඩුකාරයන්, මිනීමරුවන්, දුෂිතයන් නීතිය ඉදිරියට පැමිණීම බවත් කී ඔහු එහිදී තමන් ගන්නා යම් යම් ක්‍රමවේදයන් සදාචාරාත්මක නොවිය හැකි බවද පැවසුවේය.

තමන්ට තොරතුරු දුන් සියලු දෙනා වෙනුවෙන් තමන් දිගටම පෙනී සිටින බව ද ඔහු සඳහන් කලේය.

මන්ත්‍රීවයා මේ බව පවසා සිටියේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad