ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ යයි තරුණ ප‍්‍රජාව කොරෝනා එන්නත මගහරිති.. මුස්ලිම් තරුණයන් විශේෂයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 7, 2021

ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ යයි තරුණ ප‍්‍රජාව කොරෝනා එන්නත මගහරිති.. මුස්ලිම් තරුණයන් විශේෂයි

කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව ලක්ෂ හතරකට කොරෝනා එන්නත ලබාදීමට සැලසුම් කර තිබුණද අසත්‍ය ප්‍රචාර නිසා අපේක්ෂිත ඉලක්කයන්ට ලඟාවීමට නොහැකි වී ඇත. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කරන්නේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මෙම අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් එන්නත්කරණයට පැමිණීම අවම වී ඇති බවයි.

ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් ලැබීමේ නොහැකියාව වැනි තත්වයන් මෙම එන්නත මගින් ඇති කරන බවට අසත්‍ය ප්‍රචාර පැතිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.

විශේෂයෙන් මේ හේතුවෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසුවේය.


No comments:

Post a Comment

Post Bottom Ad