යුද හමුදාව මැදියත් වෙයි.. සහල් මාෆියාව බිදී.. දෙසතියට වී කිලෝ ලක්‍ෂ 33ක් ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

යුද හමුදාව මැදියත් වෙයි.. සහල් මාෆියාව බිදී.. දෙසතියට වී කිලෝ ලක්‍ෂ 33ක් ගනී

ගෙවුණු සති දෙකක කාලය තුළ යුද හමුදා මැදිහත් වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ තිස් තුනක පමණ ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.

මෙරට ක්‍රියාත්මක සහල් මාෆියාව බිඳ දැමීමේ අරමුණින් යුධ හමුදා මැදිහත් වී මෙම වී මිලදී ගැනීමේ කටයුත්ත ක්‍රියාත්මක වෙයි.

රට පුරා පිහිටි සියලු ආරක්ෂක මූලස්ථානනග මැදිහත්වීමෙන් මෙම කටයුත්ත සිදු කෙරේ.

වී වලට සහතික මිලක් ලබාදීමත් ගොවියාට උපරිම මිලක් ලබාදීමට මෙහිදී අරමුණු කර ඇත.

වී අලෙවි මණ්ඩලය සතු ව පවතින ගබඩා තිස්අටක් යුදහමුදාව විසින් අලුත්වැඩියා කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad