එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මරා දමා හිරේ යෑමට හිතෙන බව එම පක්ෂයේ සාමාජිකත්වය දරන ‘හදවත’ කණ්ඩායම නියෝජනය කරන ප්‍රබලයකු සඳහන් කර ඇතැයි සමාජ ජාලා ඔස්සේ වාර්තා කර ඇත.
ඊයේ දිනයේ අවසන් වරට පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු සිය සමීපතමයෙකු සමගින් අදහස් පල කරමින් ඔහු මේ බව පවසා ඇත.
ජනාධිපතිවරණයෙන් පසු ගතවූ කාලසීමාවේදී මහ මැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සූක්ෂම ලෙස තම කණ්ඩායම වටේ යවා අවසානයේ බෙල්ලටම හිරකල බවද ඔහු කෝපයෙන් යුතුව පවසා ඇත.
දැන් සිදුව ඇත්තේ අලියා අතහැරීමට නොහැකි වීම නිසා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඉදිරියේ දණ නැමීමට බවද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ද පරාජය වගකීම පවරා මීළඟ එජාප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර නායකත්වයට සමු දෙනු ඇතැයිද ඔහු සඳහන් කර ඇතැයිද සදහන්ය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත් පිලට අත් වූ තත්වයෙන් දැඩි කලකිරීමෙන් යුතුව ඔහු අදහස් පල කර තිබෙන බව තව දුරටත් දැක්වෙයි.
-lankacnews.
Tuesday, February 11, 2020
රනිල් මරා මං හිරේ යනවා,‘හදවත’ පක්‍ෂයේ ප‍්‍රබලයෙක් කෝපයෙන් ගුගුරයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment