සජිත් නම් කල ලේකම් මද්දුම බණ්ඩාරට අද කෘත්‍යාධිකාරියේදී පොල්ලක්.. රහස් ඡන්ද විමසීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 9, 2020

සජිත් නම් කල ලේකම් මද්දුම බණ්ඩාරට අද කෘත්‍යාධිකාරියේදී පොල්ලක්.. රහස් ඡන්ද විමසීමක්

ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී රැස්වීමට නියමිතය. එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ මහලේකම් ධූරයට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් නම්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම එහි අනුමැතිය සඳහා අද යොමු කිරීමට නියමිතය.

එමෙන්ම නව සන්ධානයේ මහලේකම් ධුරයට සුදුසු නමක් නිර්දේශ කරන්න කිරීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ යෝජනාවන්ද අද දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ තත්ත්වය මත අද පැවැත්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී නව සන්ධානයේ මහ ලේකම්වරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම මහ ලේකම්වරයා ලෙස යෝජනා වී තිබුණ ද පක්ෂ ව්‍යවස්ථාව හා සම්ප්‍රදාය අනුව එවන් තනතුරකට පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.

එම තනතුර සඳහා නම් දෙකක් හෝ කිහිපයක් යෝජනා වවුහොත් ඡන්ද විමසීමක් අනිවාර්යෙන් පැවැත්වීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad