රවී ඇතුළු 04 දෙනාට සවස 4ට පෙර අධිකරණය හමුවේ පෙනී ඉන්නැයි නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 12, 2020

රවී ඇතුළු 04 දෙනාට සවස 4ට පෙර අධිකරණය හමුවේ පෙනී ඉන්නැයි නියෝග

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සිව්දෙනෙකුට අද (13) පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය නියෝග කරන ලදී. ඒ අනුව රවි කරුණානායක පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ අර්ජුන ඇලෝසියස්,එස්. පදුමනාපන් සහ ඉන්දික සමන් කුමාර යන අයගේ පැමිණීම වාර්තා කරන ලෙසට අභියාචනාධිකරණය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කරන ලදී.

සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් මෙම රිට් පෙත්සම් සලකා බලන තුරු නොගන්නා ලෙසට අභියාචනාධිකරණය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad