පළාත් සභා ක්‍රමය හදුන්වා දීමත් සමගම උතුරු නැගෙනහිර පළාත් සභාවේ පලමු ප්‍රධාන අමාත්‍යවරයා වූයේ වරදරාජා පෙරුමාල්ය.
ඔහු පසුව ඉන්දියාවට පලාගොස් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ දෙමළ දේශපාලන පක්ෂයක් සාදාගෙන මැතිවරණ කටයුතු වල නිරතව සිටී.
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ මේ දිනවල අදහස් දක්වමින් පවසා සිටින්නේ කිසිදු ව්‍යාපාරයක් හෝ රැකියාවක් නොමැති වරධරාජා පෙරුමාල් මහතාට දේශපාලන කටයුතු සදහා වියද්ම් කිරීමට රුපියල් කෝටි ගණනක මුදල් ඇත්තේ කෙසේද යන්නයි.
ඔහුගේ දියණිය ඉතා කෙටි කලක් ගුවන් නියමුවරියක් වශයෙන් සේවය කොට ඉන්දියානු රුපියල් කෝටි අසූපහකට ගුවන් යානයක් මිලදී ගැනීමට සූදනම් වන්නේ කුමන අන්දමකින් උපයා ගත් මුදල් වලින්ද යන්නත් උතුරේ දෙමළ දේශපාලනඥයෝ මේ සතියේදී ඔවුන්ගේ දේශපාලන සාකච්ඡා වලදී විවෘතව විමසා තිබුණා.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ


No comments:
Post a Comment