කොරෝනා ආසාධිත ලාංකිකයා සම්බාහනය කළ පුද්ගලයාදරෝහල් ගත කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 12, 2020

කොරෝනා ආසාධිත ලාංකිකයා සම්බාහනය කළ පුද්ගලයාදරෝහල් ගත කෙරේ !

දිවයිනේ පළමුවෙන් සොයාගත් කොරෝනා වෛරසය ඇතුළු වූ ලාංකික පුරවැසියාට සම්බාහන ප්‍රතිකාරයක් සිදු කළ හබරණ ප්‍රදේශයේ ස්පා (spa) ආයතනයක සේවය කරන පිරිමි අයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව අද (12) දින පෙරවරුවේ අනුරාධපුර මහ රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසයි.

ඒ හබරණ නගර මධ්‍යයේ පිහිටි ස්පා (spa) ආයතනයක හිමිකරුවෙකු හබරන පොලීසියට කර තිබූ දැනුම්දීමකට අනුවයි.

එහිදී දැනුම් දී ඇත්තේ තම ස්පා ආයතනයේ සේවය කළ තෙරපීවරයෙකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් පසුගිය 26 වැනි දින පසුගියදා හමුවූ සංචාරක මගපෙන්වන්නාට ඔහු විසින් විනාඩි විස්සක පමණ සම්බාහන සත්කාරයක් සිදු කොට ඇති බවද හිමිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබෙ.

අදාළ සම්භාහන නිලධාරියා පදිංචිව සිටින හබරණ වෙහෙරගල ප්‍රදේශයේ නිවසට ගොස් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙ.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවශ්‍යතාවයක් සලකා හබරණ ප්‍රදේශයේ පිහිටි සියලුම සම්භාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමා ඒවා ජිවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට දැනුම් දුන් බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියත් සමග හබරණ පොලීසියේද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන අැත.

මෙම රෝගී තත්ත්වයෙන් පසුවන සම්භාහන නිලධාරියාගේ නිවසට සොරුන් ඇතුළුවී මීට දින කිහිපයකට ඉහත දී භාණ්ඩ රැගෙන ගොස් තිබෙන බවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුම එම නිවසට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ භාණ්ඩ ස්පර්ශ කිරීම් ආදී සිදුව තිබෙන බවද මෙම හේතුව නිසා පොලිස් නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට මේවනවිට පත්ව ඇති බව වාර්තා විය.

එමෙන්ම දැනට කොරෝනා වෛරසය ශරීරගතව ඇති සංචාරක මගපෙන්වන්නා සඳහා සම්බාහනය කළ තරුණයා එම දින සිට පසුගිය දින කිහිපය දක්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී තිබෙන බවත් අනාවරණය වී අැත.

කෙසේ වෙතත් මෙම සම්භාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම මෙ වන විට වසා දමා තිබෙන බවද සඳහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad