කොරෝනාවලට වෙනම රෝහලක්: නිලධාරිනියකගේ ඥාතියකුට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 14, 2020

කොරෝනාවලට වෙනම රෝහලක්: නිලධාරිනියකගේ ඥාතියකුට කොරෝනා

කොවිඩ් 19 රෝගින් සංඛ්‍යාව ඉහළ යාමේ ඉක්මන් ප්‍රවණතාවක් ඇතිවුවහොත් දැනට පවතින රජයේ රෝහලක් කොවිඩ් 19 සඳහා වු රෝහලක් බවට පරිවර්තනය කරන බව වසංගත විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර කියයි.
චීනයේ හෝ ඉතාලියේ මෙන් රෝග ආසාදිතයන් සංඛ්‍යාව වහා ඉහළ ගියහොත් එම පියවර ගන්නා බව ඔහු පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුටත් කොරෝනා

මේ අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වෛද්‍ය උපදෙස් මත මේ වනවිට නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

අදාළ නිලධාරිනිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනයකට ද යටත් කර ඇති අතර ඇය සමග අදාළ කාලසීමාවේ රාජකාරි කළ කාර්ය මණ්ඩලය ද ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දී ඇතැයි, අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

රටවල් 11ක කොන්සියුලර් සේවා නවත්වයි

කොරෝනා වයිරස ව්‍යාප්තියක් සමග රටවල් 11ක පිහිටි රාජ්‍යතාත්ත්‍රික කාර්යාලවල කොන්සියුලර් සේවා හෙට සිට සීමා කීරීමට විදේශ සබඳතා අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම කාර්යාල වන්නේ ඉතාලිය ,ඉරානය,දකුණු කොරියාව,ප්‍රංශය ,ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විඩනය හා ඔස්ට්‍රියාවයි

ලොව පුරා විවිධ රටවල් පනවා ඇති ගුවන් ගමන් තහනම් හේතුවෙන් මේ පියවර ගත් බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad