කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන එපා.. මන්නාරමේ විරෝධතා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 16, 2020

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන එපා.. මන්නාරමේ විරෝධතා

න්නාරම නගරය කේන්ද්‍ර කරගිනිමින් කොරෝනා නීරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් ගෙන ඇති සූදානමකට විරෝධය පාමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධාතාවක් ඊයේ (15) සවස තිබුණි.
මන්නාරම් නගරයේ මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ව්‍යාපාරිකයින් හා සාමාන්‍ය වැසියන් පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටි අතර එම විරෝධතාවය පැවත්වීමට හේතුවී තිබුනේ මන්නාරම පැරණි ඇඟලුම්හල පිහිටි ප්‍රදේශයේ නීරෝධායන මධ්‍යස්ථානය පිහිටුවීමේ සූදානම්ක ඇති බවට තොරතුරු වාර්ථා වීමෙන් පසුවය.

විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ,

‘රජය විසින් කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක සහිත වූවන් නිරෝධායනය කිරීමට උතුරු නැගෙනහිර පලාත් යොදා ගැනීම කිසිසේත් අනුමත කල නොහැකි අතරම දුකුණේ සිට දිස්ත්‍රීක්ක ගණනාවක් පසුකරමින් සාමාන්‍ය ජනතාවද අවධානමට ලක් කොට උතුරට පුද්ගලයින් නීරෝධායනය කිරීමට රැගෙන ඒම නොකොට එය දකුණේම සුදුසු ස්ථානයන් යොදා ගත යුතු බවටය.

එමෙන්ම මන්නාරම් දිස්ත්‍රීක්කයේ ඇතුලු උතුරු පලාතෙම මෙතෙක් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්ථා වී නොමැති හෙයින් නීරෝධායන මධ්‍යස්ථාන උතුරේ පිහිටුවීම මගින් කොරෝනා වයිරසය පැතිරීමේ අවධානමක්ද පවතින හෙයින් එමගින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත දැඩි අවධානමක පසුවන බවටද විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියහ.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලීසිය හා යුද හමුදාව විරෝධතා කරුවන්ට එවැනි නීරෝධායන මධ්‍යස්ථානය පිහිටුවීමට පියවර නොගන්නා බව පැවසීමෙන් පසුව විරෝධතාව නැවත්වීමට පියවර ගත්හ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad