කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේ පිරිසට කොරෝනා වැලදීමේ අවදානමක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 14, 2020

කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේ පිරිසට කොරෝනා වැලදීමේ අවදානමක්..

කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේ රදවා සිටින පුද්ගලයන්ට කොරෝනා ආසාදවය වීමේ අවදාමක් ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඉතාලියේදී කොරෝනා වැළඳීමෙන් පසු වේදනා නාශක භාවිතා කර මෙරටට පැමිණ එම නිරෝධන මධ්‍යස්ථානයට ගිය පුද්ගලයන් දෙදෙනා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ඔහු සඳහන් කළේය.

දැනට එම පුද්ගලයන් දෙදෙනා කොරෝනා ආසාදන තත්ත්වය හෙළි වීමෙන් පසු රෝහල්ගත කර තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා ඉතාලියේදී කොරෝනා වැලදී එය සඟවාගෙන වේදනා නාශක භාවිතා කළ මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනයට විරුද්දව ගුවන්තොටුපොළේ දී ද විරෝධතා දක්වා ඇත.

ඔවුන් නිසා නිරෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටින සෙසු පුද්ගලයන්ටද එම අවදානම ඇති වී තිබෙන බව ඔහු සඳහන් කළේය.

නමුත් එහි සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ වැඩ පිළිවෙලක් අනුගමනය කරන නිසා එය යම්තාක් දුරට පාලනය වේ යයි විශ්වාස කළ හැකි බවද ඔහු තව දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad