පූජිත පොලිස්පති ධුරයෙන් සමු ගනියි - තීරුබදු රහිත වාහන බලපත්‍රයත් අරන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 15, 2020

පූජිත පොලිස්පති ධුරයෙන් සමු ගනියි - තීරුබදු රහිත වාහන බලපත්‍රයත් අරන්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ධුර කාලය පෙරේදා (14 ) දිනයෙන් අවසන්වීමත් සමග නව පොලිස්පතිවරයකු නම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ සේවය අවසන් වීමේ දිනය මාර්තු 16 වුවද එදින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම හේතුවෙන් මෙලෙස මාර්තු 14 දිනයෙන් අදාළ සේවා කාලය අවසන් කෙරී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට පොලිස්පති ධුරය සඳහා සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නම් කිරීමේ බලය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සං‍ශෝධනයට අනුව හිමිව තිබෙන අතර ජනාධිපතිවරයා විසින් නම්කරනු ලබන සුදුසු නිලධාරීන් අතුරින් එක් පුද්ගලයකු නව පොලිස්පතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කිරීමට නියමිතයි.

මේ වනවිට නව පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් සැපිරූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු සිටින අතර ඔවුන් අතුරින් වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන්නේ දැනට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ. අබේසිරි ගුණවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන තිදෙනායි.

පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර එළැඹෙන අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයෙන් අනතුරුව එය අහෝසි වනවා.

ධුර කාලය අවසන් වූ පූජිත් ජයසුන්දර පූර්ණ විශ්‍රාම වැටුපකට සහ තීරුබදු රහිත වාහන බලපත්‍රයකටද හිමිකම් ලබනවා.

නව පොලිස්පතිවරයා පත් කරනතුරු දැනට වැඩබලන පොලිස්පති එම ධුරයේ තවදුටත් කටයුතු කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad