කොරෝනා තොරතුරු සඳහා ආණ්ඩුව දුන්න 0710170717 නොම්බරේ අගලවත්තේ ආච්චි කෙනෙක්ගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 15, 2020

කොරෝනා තොරතුරු සඳහා ආණ්ඩුව දුන්න 0710170717 නොම්බරේ අගලවත්තේ ආච්චි කෙනෙක්ගේ

කොවිඩ් -19 වෛරසය පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති දුරකථන අංක සියල්ලෙන්ම නිශ්චිත තොරතුරක් දැන ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිවැරදි තොරතුරු සමාජගත වීම පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

අමාත්‍යාංශය විසින් හඳුන්වාදී ඇති 0113071073 අංකය අයත් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයටයි.

එම අංකය ඔස්සේ වෛරසය පිළිබඳ නිවැරදි දත්ත දැන ගැනීම සඳහා දැනුවත් පුද්ගලයන් අනුයුක්ත කර නොමැති අතර එම අංකයට ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී මේ සමග ලබාදී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 0710107107 අංකයට ඇමතුමක් ලබාගෙන වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙසද උපදෙස් ලබාදෙනු ලබනවා.
0710107107 අංකයට අප අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබාගත්තද පටිගත කරන ලද හඬ පටයක් පමණක් සවන් දිය හැකියි.

මේ අතර ආරම්භයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉහත අංක 0710170717 යනුවෙන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් අර්බුදයක් ඉස්මතුව තිබෙනවා.

0710170717 අංකය අයත් වන්නේ අගලවත්ත, හැඩිගල්ල ප්‍රදේශයේ පදිංචි එම්.ඩී. ආරියවතී නමැති 74 හැවිරිදි කාන්තාවකටයි.

මෙම අංකයට ඇමතුමක් ලබාගත් අවස්ථවේදී ඊට පිළිතුරු දුන්නේ අදාළ කාන්තාවගේ දියණියයි. ඇය පැවසුවේ ජනමාධ්‍ය ඔස්සේ මෙම අංකය ප්‍රසිද්ධ කිරීමත් සමග දෙස් විදෙස් ඇමතුම් රැසක් ඊට ලැබුණු බවයි.

එසේ අමතන පුද්ගලයන් ‘කොරෝනා වෛරසය’ පිළිබඳ තොරතුරු විමසමින් තමන්ව සහ සිය මෑණියන්ව අපහසුතාවයට පත්කරන බවද ඇය පැවසුවා.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්ම අදාළ අංකය අයත් දුරකථන සමාගමට දැනුම් දීමක් සිදුකළද මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ඇය වැඩිදුරටත් ‘සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad