බටහිර දොස්තරලාට කොරෝනා සුව කරන්න බෑ.. අපට පුළුවන් ඊට අවස්ථාව දෙන්න.. කැද පෙවීම, දුං හට්ටි දේශීය වෙදකම නොවේ - දේශීය වෛද්‍යවරුන් කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 9, 2020

බටහිර දොස්තරලාට කොරෝනා සුව කරන්න බෑ.. අපට පුළුවන් ඊට අවස්ථාව දෙන්න.. කැද පෙවීම, දුං හට්ටි දේශීය වෙදකම නොවේ - දේශීය වෛද්‍යවරුන් කියති

කොරෝනා වෛරසය සුවපත් කිරීම සඳහා කැඳ පෙවීම හෝ දුං හට්ටි ඇල්ලීම වැනි ඒවා ප්‍රතිකාර නොව ජාවාරම් බව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංවිධානය සඳහන් කරයි.

ඇතැම් බටහිර වෛද්‍යවරුන් ඒකාධිපති ආකාරයෙන් කටයුතු කරගෙන මේ සිදුකරන්නේ දේශීය වෛද්‍යවරු හෝ ආයුර්වේද වෛද්‍යවරු අනුමත කරන ප්‍රතිකාර ක්‍රම නොවන බව එම සංවිධානයේ සභාපති දේශීය වෛද්‍ය උපුල් දෑල බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඉඟුරු කොත්තමල්ලි ලබාදීම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම නොව එය සම්පූර්ණයෙන්ම ප්‍රථමාධාරයක් පමණක් බවද පැවසූ ඔහු එතනින් එහා ගිය හෝ චිකිත්සා ක්‍රමයක් දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඇති නමුත් ඒ සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් ලබා නොදෙන බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad