සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු ප්‍රවර්ධනය කරන පුද්ගලයන්ට වැඩ වරදී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 8, 2020

සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු ප්‍රවර්ධනය කරන පුද්ගලයන්ට වැඩ වරදී


සුරාසැල් වසා දමන ලෙසට නියෝග කර ඇති මොහොතක සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු සහ එය ප්‍රවර්ධනය කරන ආකාරයේ වැඩසටහන් ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ දැනටමත් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මේ අතර දකුණු පළාතේ සංචාරක කලාප ආශ්‍රීතව පවතින සියලූම සුරාසැල් වලට මුද්‍රා තැබීමට ද කටයුතු කර ඇති බව ද ඔහු කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad