කොරෝනා රෝගියෙක් සැඟවෙන්න ගමක් පුරාම සැරිසරලා.. ගමම අමාරුවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 8, 2020

කොරෝනා රෝගියෙක් සැඟවෙන්න ගමක් පුරාම සැරිසරලා.. ගමම අමාරුවේ !

යාපනය රෝහලෙන් වාර්ථා වූ කොරෝණා ආසාදිතයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන්ගේ ආරක්ෂාව උදෙසා එම ප්‍රදේශය විෂබීජහරණය කිරීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
අදාල රෝගියා අරියාලෙයි ස්විස් දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූවෙකු වීම නිසා පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් සොයමින් සිටීම හේතුවෙන් වයිරසය පිළිබඳව අවබෝධයක් නොතීමත් නිසා යාපනය කයිට්ස් ප්‍රදේශයට ගොස් තැනින් තැන සැඟව සිට අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් පසුව රෝහලගතවීය.

මේ හේතුව නිසාවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව නාවික හමුදාපතිගේ උපදෙස් පරිදි උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධීක්ෂණයෙන් නාවික හමුදා රසායනික ජීවවිද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ඨික හදීසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ වූ ඒකකය විසින් කයට්ස් ප්‍රදේශය අවරණය වන පරිදි විජබීජහරණ වැඩසටහනක් ක්‍රියාතමක කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad