ඉන්දුනීසියාවේ ජමාත් දේව මෙහෙයට ගිය තව දෙන්නෙකුට කොරෝනා... ආ ගිය තැන් සියල්ලත් හංගලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 8, 2020

ඉන්දුනීසියාවේ ජමාත් දේව මෙහෙයට ගිය තව දෙන්නෙකුට කොරෝනා... ආ ගිය තැන් සියල්ලත් හංගලා !

න්දුනීසියාවේ ඉස්ලාම් ආගමික ජමාත් දේව මෙහෙයක් සඳහා ගොස් පැමිණි පුත්තලම කාසිම් නගරයේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී රෝහල් ගතකර තිබේ.

අවුරුදු 65 සහ 61 වියැති මෙම පුද්ගලයන් දෙදෙනා කොරෝනා රෝග ලක්ෂණ පෙන්වා ඇත්තේ සිය නිවසේ ස්වයං නිරෝධායනය වන අතරය.

අනතුරුව පෙරේදා (07) රාත්‍රීයේ මේ දෙදෙනා අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යාතනය වෙත යවා තිබේ.

මේ දෙදෙනා ඉන්දුනීසියාවේ ගොස් පැමිණි පසු අසල පල්ලියක දේව මෙහෙයක් සඳහා ද සහභාගී වී ඇති අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ගොස් ඇති බව ද එසේම 61 වියැති පුද්ගලයා මන්නාරම තාරපුරම් ප්‍රදේශයේ මළ ගෙරක ද ගොස් ඇති බව ද බුද්ධි අංශ සෙසායා ගෙන තිබේ. ඒ අනුව ආරක්ෂක අංශ වහාම තාරපුරම් ගම ද සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

කෙසේ වුවද ඉන්දුනීසියානු සංචාරයට පසු තමන් නිවසින් පිටතට නොගිය බවට මොවුන් දෙදෙනාම සෞඛ්‍ය බලධාරීන් වෙත අසත්‍ය තොරතුරු ලබා දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad