ගල්කිස්සේ මහල් නිවාසයෙන් ඇද වැටුණු තරුණිය මැරුණා ද… මැරුවාද?.. පොලිසිය විශේෂ විමර්ශනයක… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2023

ගල්කිස්සේ මහල් නිවාසයෙන් ඇද වැටුණු තරුණිය මැරුණා ද… මැරුවාද?.. පොලිසිය විශේෂ විමර්ශනයක…

ගල්කිස්ස අල්විස් පෙදෙස ‘‘බ්ලූඕෂන්‘‘ නිවාස සංකීර්ණයේ නැවති සිටි එංගලන්ත පුරවැසි තරුණියක එහි 13 වන මහලෙන් බිමට වැටී මියගොස් තිබේ.
අද (09) අළුයම් කාලයේ දී සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ   සිනනයියා අලගේෂ්වරන් රොමීනා නමැති තරුණියකි.

ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ.

මෙම තරුණයාගේ අරයුම මත අන්තර්ජාලය හරහා වෙන් කරගන්නා ලද ගල්කිස්ස අල්විස් මාවතේ පිහිටි අදාළ නිවාසය කුලියට ගෙන    අප්‍රේල් මස ලංකාවට පැමිණි ඇය එහි පදිංචිව සිට ඇත.

හෙට (10) දින ඇය නැවතත් එංගලන්තය බලා යාමට නියමිතව තිබුණු බව හෙළි වී තිබේ. අද අලුයම දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.

මෙය මිනී මැරුමක් ද සිය දිවි හානි කරගැනීමක් ද යන්න පිළිබඳව මේ වනතුරුත් පැහැදිලි අදහසක් නැත.   මියගිය තරුණිය සමග    සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය නීති ශිෂ්‍යයා   සිද්ධිය සම්බන්ධව සැක පිට පොලිස් බාරයට ගෙන තිබේ.
ගලකිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ   මහේත්‍රාත් පරීක්ෂණ පැවැත් වූවාය. ගල්කිස්ස පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad