තවත් 04ක් මිය යයි.. කොරෝනා මරණ 87යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 22, 2020

තවත් 04ක් මිය යයි.. කොරෝනා මරණ 87යි

වත් කොරෝනා අසාදිත පුද්ගලයන් 4 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද එම මරණ ද විස්තර මෙසේය.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනයෙන් ඇති වූ නිව්මෝනියා තත්ත්වය යි.

කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචි 53 වලදී අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් ඇත. මරණයට හේතුව නිදන්ගත පෙනහළු රෝග සමග කොරෝනා ආසාදනය උත්සන්න වීමයි.

බොරැුල්ලේ පදිංචි 84දී කාන්තාවක් නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග ඇතිවූ නිවුමෝනියාවයි.

කොළඹ 10 පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු අයි ඩී එච් රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමග නිවුමෝනියාව ඇති වීමයි.


No comments:

Post a Comment

Post Bottom Ad