අහඹු පරීක්‍ෂාවකින් වරායේ 13කට කොරෝනා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 5, 2020

අහඹු පරීක්‍ෂාවකින් වරායේ 13කට කොරෝනා.

කොළඹ වරාය අධිකාරියේ සේවය කරන සේවකයන් 13 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

වරාය සේවකයන් දෙසීයක පමණ පිරිසකට අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදි මෙම පිරිස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

වානේ සැකසුම් අංශය, බොයිලර් සැකසුම් අංශය, ජල බහලුම් පර්යන්තය, බෝට්ටු අංගනය යන අංශ වල සේවකයන් මෙලෙස ආසාදිත වී තිබේ.

ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති බව සඳහන්ය.

වරාය වෘත්තිය සමිති චෝදනා කරන්නේ වරාය පරිශ්‍රය තුල කොරොනා පැතිර යාමේ අවධානමක් ඇතිවී තිබුණද බලධාරීන් ඒ ගැන කිසිදු පියවරක් ගෙන නැති බවයි

මීට පෙර කොළඹ නැව් තටාකාංගනයේ සේවකයන් 47 දෙනකු කොරෝනා ආසාදිත වී තිබින.

-Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad