ආණ්ඩුව කාන්තාවන්ගේ මාස් ශද්ධියටත් බද්දක් ගහලා.. මෙන්සස් බද්ද 15%යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 24, 2020

ආණ්ඩුව කාන්තාවන්ගේ මාස් ශද්ධියටත් බද්දක් ගහලා.. මෙන්සස් බද්ද 15%යි

බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා. මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා.

ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා.

යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා. දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා යැයි ද රෝහිනී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි. සෑම පවුලකම අම්මලා – දුවලා ආදී වශයෙන් කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා. සෑම මාසයකම අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ‘සනීපාරක්ෂක තුවා‘ ඇතුලත් වෙනවා. මේ රටේ සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ දුප්පත්කම නිසයි.

සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා. යැයි ද නිවේදනයේ දැක්වේ.

– media unit


No comments:

Post a Comment

Post Bottom Ad