තවත් 491කට කොරෝනා.. ආසාදිතයන් 20,000 ආසන්නයේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 22, 2020

තවත් 491කට කොරෝනා.. ආසාදිතයන් 20,000 ආසන්නයේ..

අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 491 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 487 දෙනෙකු, ඉතාලියේ සිට මෙරටට පැමිණි  ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු සහ විදේශීය රටක සිට මෙරටට පැමිණි තුර්කි ජාතිකයෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 292 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 ක් ලෙස වාර්තා වේ.

අද (22) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 16,248 ක් වේ. ඉන් පුද්ගලයින් 10,024 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර             –             3,059
කොළඹ මාළු වෙළඳපලේ පොකුර                    –           13,189

ඊයේ (21) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 19,770 ක් වන අතර ඉන් පුද්ගලයින් 13,589 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (21) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,098 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (22) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 319 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (22) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයා කො‍ළඹ 02, වැල්ලම්පිටිය, දෙමටගොඩ, කොළඹ 10, කොළඹ 13, වැල්ලවත්ත, වැල්ලම්පිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (22) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (22) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 41 ක් සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 52 ක් මෙරටට පැමි‍ණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (22) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4,193 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (21) දිනය තුල PCR පරික්‍ෂණ 10,514 ක් සිදුකර ඇත.

– කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

No comments:

Post a Comment

Post Bottom Ad